සංචාරක වීසා මත රට රැකියා සඳහා පිටත්ව නොයන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, එක්සත් අරාබි එමීර් සහ ඕමානය සඳහා සංචාරක වීසා මත ගොස් රැකියා නොමැතිව පිරිසක් අසරණ වී ඇති බවයි.
සංචාරක වීසා මත විදෙස් රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ලියාපදිංචිය ද මේ වනවිට නතර කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.