උප්පුවේලි ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටි ඊශ්‍රායල ජාතික කාන්තාවක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
පසුගිය 27 වැනි දා සිට එම කාන්තාව අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
එම කාන්තාව පසුගිය 26 වැනි දා නවාතැන්ගෙන සිටි හෝටලයෙන් පිටත්ව ගොස් තිබේ.
අතුරුදන්ව ඇති 25 හැවිරිදි කාන්තාව මෙරටට පැමිණ ඇත්තේ සංචාරයක් සඳහායි.