Connect with us

පුවත්

සංයුක්ත තැටියකින් එන ඡන්ද හිමි නාම ලේඛනය

Published

on

2024 ඡන්ද හිමි නාම ලේඛනය සංයුක්ත තැටියක් ලෙස නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ, 2024 මහ මැතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයින් සඳහා මෙම සංයුක්ත තැටිය ලබාගත හැකි බවය.

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂයක ලේකම්ගේ, බලයලත් නියෝජිතගේ, ස්වාධීන කණ්ඩායම් නායකගේ හෝ අපේක්ෂකගේ ලිඛිත ඉල්ලීමකට අනුව සංයුක්ත තැටි නිකුත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

එම කොමිසම පැවසුවේ, ඒ අනුව සතියේ වැඩකරන දිනක කාර්යාල වේලාව තුළ නියමිත ගාස්තු ගෙවා ප්‍රධාන කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් 2024 ඡන්ද හිමි නාම ලේඛනය ඇතුළත් සංයුක්ත තැටිය ලබාගත හැකි බවය.

පුවත්

පාර්ලිමේන්තුව රැස්වේ (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස පළමුවැනි රැස්වීම් සතියේ පළමුවැනි රැස්වීම් දිනය ලෙස අද (08) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද (08) පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර,

පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා  රේගු ආඥා පනතේ (235 අධිකාරිය වූ) “අ” උපලේඛනයේ විධිවිධාන යටතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් 2025.04.09 දින ඉදිරිපත් කරන ලද අංක 2421/05 දරන 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය වී ඇත.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට ද නියමිතය.

Continue Reading

පුවත්

12ක් රෝහලට යැවූ අනතුර

Published

on

By

මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම  ආසන්නයේදි  මාර්ගය අයිනේ නවතා තිබු කන්ටෙනර් රථයක පිටුපස ගැටිමෙන් අද(08) උදැසන සිදුවු අනතුරෙන් වැන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහා රෝහලට ඇතුලත් කොට තිබේ.

මෙම වැන් රථයේ ගමන් කල පිරිස කටුනායක ගුවන්තොටුපලට ගොස් නැවත පැමිනෙමින් සිටි පිරිසක් බවත් ඔවුන් මාතර  මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසය පවසයි.

අනතුරෙන් තුවාල ලැබු තුවාල කරුවන් 1990 ගිලන් රථ උපයෝගි කරගනිමින් ප්‍රදේශවාසින් හා පොලීසිය එක්ව ⁣කඩිනමින් රෝහල්ගත කිරිමට පියවර ගෙන තිබේ

රියදුරුට නින්ද යැමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැකකරනු ලබන අතර අනතුර සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි

Continue Reading

පුවත්

විල්පත්තු හරහා අධිවේගී මාර්ගයක් ඉදි වෙන්නේ නැහැ – නීතිපති දැනුම් දෙයි

Published

on

By

විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදිනොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (07)ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට එරෙහිව පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම්දීම සිදුකරන ලදී.

අදාළ අධිවේගී මාර්ගය ඉදිනොකරන බවට රජයේ පාර්ශය විසින් දැනුම්දීමෙන් අනතුරුව අදාළ පෙත්සම සමතයට පත්කර ගැනීමට දෙපාර්ශ්වයම අධිකරණය හමුවේ එකඟවිය.

කෙසේ වෙතත් මේ වන විට විල්පත්තු අභයභූමිය හරහා වැටී තිබෙන මාර්ගය වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට යටත්ව පවත්වාගෙන යා හැකි බවත් අධිකරණය හමුවේ සඳහන් කෙරුණි.

ඒ අනුව මෙම සමථය සටහන් කරගත් ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමටද තීන්දු කළහ.

මෙම පෙත්සම තුළින් පෙත්සම්කාර සංවිධානය සඳහන් කර තිබුණේ විල්පත්තු අභයභූමි කලාපය හරහා අධිවේගී මාර්ගයක් ඉදි කිරීමට සූදානම් වන බවට තමන්ට තොරතුරු දැනගන්නට ලැබුණු බවයි.

එවැනි අධිවේගී මාර්ගයක් ඉදි කළහොත් එය හරහා අභයභූමියේ පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුවන ආතර වන සතුන්ටද අනතුරු සිදුවිය හැකි බව පෙත්සමින් පෙන්වා දී තිබුණි.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved