Connect with us

පුවත්

සංවර්ධන අපේක්ෂා ජයගන්න ලංකාවට JICA –  JFTC සහය

Published

on

පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද්ධතිය වැඩිදියුණු කිරීම වෙනුවෙන්  සහාය ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායනයේ (JICA) සහ ජපාන සාධාරණ වෙළෙඳ කොමිසමේ (JFTC) සහාය පළ වී තිබේ.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ එම ආයතනයන්හි නියෝජිතයන් අද (12) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදීය.

වෙළෙඳාම තුළ සාධාරණත්වයක් ඇති කිරීමෙන් පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා වන බවත් එමඟින් රට තුළ තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය වන බවත් නියෝජිත පිරිස මෙහිදී පෙන්වා දුන්හ.

විශේෂයෙන් ජපානය ලබා ඇති ආර්ථික දියුණුවට මෙම තරගකාරී වෙළෙඳ ප්‍රතිපත්තිය ඉවහල් වූ ආකාරය පෙන්වා දුන් නියෝජිත පිරිස පාරිභෝගික අයිතිවාසිකම් දිනා දීමට මෙන්ම නවෝත්පාදන සම්බන්ධයෙන් එහි දායකත්වය පැහැදිලි කළහ.

ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ඉහළ තලයකට ඔසවා තබමින් සාධාරණ වෙළෙඳාමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳ මෙවර අයවැයෙන් ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව මෙහිදී පැවසූ ජනාධිපති ලේකම්වරයා එම සැලසුම් පිළිබඳවද නියෝජිත පිරිස දැනුවත් කළහ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) වෙනුවෙන්  ටෙට්සුයා යමාඩා (Tetsuya YAMADA), අරිසා ඉනාඩා (Arisa INADA), යූරි හොරිටා (Yuri HORRITA) , නාමල් රැළපනාව, ජපන් සාධාරණ වෙළඳ කොමිසම වෙනුවෙන් (JFTC) වයි. සකුමා (Y. Sakuma) , වයි. අසහිනා (Y. Asahina), වයි. ෆුකුෂිමා (Y. Fukushima), එම්. ටකුචි (M.Takeuchi)  යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

“අවුරුදු 43කට පෙර දළදා හිමි වීඩියෝ කළේ කවුදැයි තවම දන්නේ නැහැ”

Published

on

By

මීට වසර 43කට පෙර එනම් 1982 වසරේ ශ්‍රී දළදා වහන්සේගේ වීඩියෝවක් ලබාගෙන ප්‍රසිද්ධියට පත් කිරීම ගැන තොරතුරු පොලිසියට ඉදිරිපත් කළද ඒ පිළිබඳ විමර්ශනවලට කුමක් වූවාදැයි මේ දක්වා කිසිවකු නොදන්නා බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා කියා සිටී.

තමා එවකට ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කළ බැවින් එම වීඩියෝ සිද්ධිය පිළිබඳව හා අදාළ පොලිස් පරීක්ෂණ කෙරෙහි උනන්දු වූ නමුත් අද දක්වා එම පරීක්ෂණ කටයුතුවලට සිදු වූයේ කුමක්දැයි පොලිසිය විසින් ශ්‍රී දළදා මාලිගාව හෝ තමන් දැනුවත් කර නොමැති බවද හිටපු දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

එම වකවානුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා වූයේ තම පියා වූ ආචාර්ය නිශ්ශංක විජයරත්න බවත්, ඔහු එවකට රජයේ අධිකරණ ඇමැතිවරයා ලෙසද කටයුතු කළ බැවින් වහාම ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කළ ද මෙතෙක් ගත් කිසිදු නීතිමය පියවරක් දැනුවත් නැති බවත් හෙතෙම කීවේය.

එම අවස්ථාවේ දළදා වහන්සේගේ ඡායාරූප ලබාගෙන ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ විදේශිකයකු බව පසුව ඒ පිළිබඳව සොයා බැලූ තමාට සොයා ගත හැකි වූ බවද හිටපු දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙවරද කවරකු විසින් හෝ එවැනිම ආකාරයෙන් ඡායාරූප ගෙන ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ඒ පිළිබඳ වන පොලිස් පරීක්ෂණවලට මීට වසර 43කට පෙර සිදු වූ ඉරණමම අත් නොවේවායි ප්‍රාර්ථනා කරන බවද හෙතෙම කීවේය.

(අරුණ)

Continue Reading

පුවත්

අධිවේගයෙන් ඉහල ගිය ආදායම

Published

on

By

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබි තිබෙන බව අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩි. කහටපිටිය මහතා සඳහන් කරයි.

ඔහු පැවසුවේ පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා ගෙවුණු දින 10තුළ පමණක් මෙම අදායම ලබාගත් බවය.

එම කාලය තුළ රථවාහන මිලියන 1.3ක් අධිවේගි මාර්ගවල ගමන් කර ඇති බවද ඔහු පවසා සිටියේය.

“මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා දින 10ක් ඇතුළත අධිවේගි මාර්ගවල වාහන මිලියන 1.3ක් ගමන් කර තිබෙනවා. එයින් ආදායම රුපියල් මිලියන 462ක් හිමි වී තිබෙනවා. 

අද දිනයේත් වාහන විශාල ප්‍රමාණයක් ගම්බිම් බලා ගිය ජනතාව අධිවේගි මාර්ග භාවිතා කරනු ඇති බව බලාපොරොත්තු වෙනවා. 

අධිවේගි මාර්ගයට ඇතුළුවීමට පෙර ඔබගේ වාහනයේ තිරිංග පද්ධතිය ටයර්වල තත්ත්වය වගේම ආලෝක සංඥා පද්ධතිය පරීක්ෂා කර ඇතුල්වන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම අධිවේගි මාර්ගවල ගමන් කිරීමේ දී වාහන අතර අවම පරතරය මීටර් 50ක්වත් තබා ගන්නා ලෙසද ආසන පටි තදකර ගන්නා ලෙසද ඉල්ලා සිටිනවා. 

ඒ වගේම අයහපත් කාලගුණික තත්ත්වයකදී වාහනය පාලනය කර ගත හැකි වේගයකින් ගමන් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.  එමෙන්ම ඔබගේ වාහනය ආපදාවකට ලක්වුවහොත් වහාම අපගේ 1969 අංකයට අමතන ලෙස ඉල්ලා සිටිනවා. පැය 24 පුරාම ඔබගේ සේවය සඳහා සැදිපැහැදී සිටිනවා.”

Continue Reading

පුවත්

අදින් ඇරඹෙන පළමු පාසල් වාරයේ තෙවන අදියර

Published

on

By

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පළමු වාරය මැයි මස 9 වන දින අවසන් වීමට නියමිතය.

2025 දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි 14 වන සඳුදා ආරම්භ වන අතර එය අගොස්තු 07 වන දක්වා පැවැත්වේ.

තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 8 වන දින ආරම්භ වන අතර එය ඔක්තෝබර් 17 වන දා දක්වා පැවැත්වේ.

තෙවන වාරයේ දෙවන අදියර නොවැම්බර් 17 වන දා සිට දෙසැම්බර් මස 19 වන දා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved