පුවත්

“සංවිධායකකමින් ඉවත් වුනාට පක්ෂය හැර යන්නේ නෑ”

Published

on

තමා සමගි ජන බලවේගයේ මොරටුව සංවිධායක ධූරයෙන් ඉවත්වූයේ පසු පෙළ අයට අවස්ථාව දීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේගයෙන් කිසිදා ඉවත් නොවන බවද තමන් උත්සහ කළේ සම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී සැම දා තනතුරුවල රැදී නොසිටිමින් නවකයන්ට අවස්ථාව ලබ දීමට බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මෙරටේ සෑම අවස්ථාවකම සිදු වන්නේ දේශපාලනඥයන් කොපමණ ඉදිරියට ගියද තමන්ගේ තනතුරු රැක ගනිමින් නවකයන්ට අවස්ථාව නොදී සිටීම බවත් තමන් මෙම තීරණය ගත්තේ අනෙක් දේශපාලනඥයන්ට ද පුර්වාදර්ශයක් ලබාදීමට බවද කියා සිටියේය.

ඇතැම් අවස්ථාවලදී ජනාධිපතිවරුන්ව සිටී පුද්ගලයන් නැවත මන්ත්‍රීවරුන් වී පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් ඔවුන් පක්ෂ නායකත්වය පවා අත්නොහැර ඒවා රැක ගැනීමට උත්සහ කරන අවස්ථාවක තමන් සංවිධායක ධූරයෙන් ඉවත් වූයේ නව දේශපාලන සම්ප්‍රදායක් ඇති කිරීමට බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Trending

Exit mobile version