පුවත්

සචින් තෙන්ඩුල්කාර් දිවයිනට

Published

on

දකුණු ආසියානු යුනිසෙෆ් ළමා කළාපීය සුහද තානාපති වශයෙන් කටයුතු කරන හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් මහතා යුනිසෙෆ් සංවිධානයේ වැඩසටහන් කීපයකට සහභාගී වීම සඳහා මෙරටට පැමිණ ඇත.

සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායකගේ ආරාධනයකට අනුව ඊයේ (07) ඔහු සබරගමු පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසැල් කිහිපයක චාරිකාවකට එක්ව ඇති අතර, දරුදැරියන් සමග ක්‍රිකට් ක්‍රීඩාවකටද එක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සබරගමුව ආණ්ඩුකාර – නවීන් දිසානායක මහතා පවසා ඇත්තේ ටෙන්ඩුල්කාර් මහතා සමග තමා සුහද කතාබහක නිරත වූ බවත්, සබරගමුව පළාත වෙනුවෙන් සිය කාලය වැය කිරීම පිළිබඳ ඔහුගේ උතුම් මනුෂ්‍යත්වය අගය කරන බවත්ය.

Trending

Exit mobile version