පුවත්

සජබය හා ජන බලවේගය එකතුවන කතා බොරු – මද්දුම බණ්ඩාර

Published

on

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එක් වේදිකාවකට ගොඩවන පලව ඇති වෙබ් පුවත් වාර්තා සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ප්‍රතික්පේප කර තිබේ.

ඇතැම් පුවත් වෙබ් අඩවිවල පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව පොදු වේදිකාවකට ගොඩවීමට පක්ෂ දෙක තීරණය කර ඇති බවට වාර්තා පලවිය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමඟ මද්දුම බණ්ඩාර මහතා දුරකථන සංවාදයක නිරත වූ බවත් එහිදී දෙපාර්ශවය විරෝධය පළ කර පොදු රැලියක් පැවැත්වීමට එකඟතාවකට පැමිණ ඇති බවත් වාර්තා විය.

“මම කවදාවත් අනුර කුමාර දිසානායක එක්ක කිසිම සංවාදයක් පවත්වලා නැහැ. අපි කිසිම ගිවිසුමකට එළඹිලා නැහැ,” යනුවෙන් මද්දුම බණ්ඩාර මහතා පැවසූ බව ඩේලි මිරර් වාර්තා කර තිබේ.

Trending

Exit mobile version