පුවත්

සජබෙ කොළඹ නගරාධිපති අපේක්ෂකයා එරාන් – හිරුණිකා

Published

on

සමගි ජන බලවේගයේ (SJB) කොළඹ නගරාධිපති ධූර අපේක්ෂකයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් වීමට නියමිත බව එම පක්ෂයේ කඩුවෙල සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටී.

ඇය මේ බව කියා සිටියේ අද (10) කඩුවෙල මහ නගර සභාව සඳහා සමඟි ජන බලවේගයයේ ඇප තැන්පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඇය මෙසේද පැවසුවාය.

“කණ්ඩායමක් ලෙස, කොළඹ නගරාධිපති මැතිවරණය සඳහා එරාන් වික්‍රමරත්න අපගේ අපේක්ෂකයා වනු ඇතැයි අපි විශ්වාස කරමු. එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, වර්තමාන තොරතුරුවලින් පෙනී යන්නේ ඔහු තෝරාගත් අපේක්ෂකයා බවයි. ඔහු ජනතාවගේ අභිලාෂයන් තේරුම් ගන්නා සහ ලොව පුරා කීර්තිමත් විශ්ව විද්‍යාල වලින් ලබාගත් ආකර්ෂණීය සුදුසුකම් ඇති නායකයෙකි,”

”ජනාධිපතිවරණයේදී විශාල බලාපොරොත්තු තියාගෙන කතාවලට අහුවෙලා ජනාධිපති කෙනෙක් පත් කළා. මහ මැතිවරණයේදීත් දේශපාලන වේදිකාවේ දැකලවත නැති අයව කතාවලට අහුවෙලා දැන් 159ක් පාර්ලිමේන්තුවට පත්කරගෙන ඉන්නවා. දැන් ප්‍රධානම ප්‍රශ්නය වෙලා තියෙන්නේ ගෙවල්වලට පනින රිලව් ගණන් කරන එක. 15වෙනිදා සුභ නැකතට ඒගොල්ලෝ ලෑස්ති වෙන්නේ ඒ වගේ වැඩවලට. රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා උදේට තමන්ගේ දරුවන්ව ඉස්කෝලේ යවන්න තියෙනවා,.වැඩවලට යන්න තියෙනවා එහෙම තියෙද්දී ගෙදර මිදුලේ උඩබලන් ගස් දිහා බලාගෙන විනාඩි පහක් තුළ ගෙදරට ගෙදරට පනින රිලව් ගණින තත්ත්වෙට ආණ්ඩුව පත්වෙලා. රටේ මුමූලිකත්වය දෙන්න ඕනේ මොකක්ද කියන එක ගැනවත් ආණ්ඩුවේ මිනිස්සු දන්නේ නැති තත්ත්වයට පත්වෙලා.” යනුවෙන් හිටපු මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

Trending

Exit mobile version