ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහ හෙක්ටර් අප්පුහාමි මහතා ද වතිකානය වෙත ගොස් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ.
ඔවුන් එලෙස වතිකානය බලා පිටත්ව ගොස් ඇත්තේ මෙරට කතෝලික දේශපාලන අධිකාරිය නියෝජනය කරීම සඳහාය.
පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇති අද (26) දිනය ජාතික ශෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර තිබේ.