Connect with us

පුවත්

සජබ ලොක්කෝ කැලණියෙන් පසු බේරුවලත් ආධාරකරුවෙක් රවට්ටලා!

Published

on

සමගි ජනබලවේගයේ නායකයින් තමාව රැවටීමට ලක් කළ බව බේරුවල නගරාධිපති මසායි මොහොමඩ් මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා බේරුවල නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග වැදීමට ආරාධනා කළ ද නාමයෝජනා භාරදීමේදී තම නම ඉන් ඉවත් කර ඇති බවය.

සමගි ජන බලවේගයේ නායකයින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලුවක් බව බේරුවල නගරාධිපති මසායි මොහොමඩ් මහතා සඳහන් කළේය.

“අවසාන දිනයේ උදේ 8.30 තමා මෙයාලා ඇවිත් භාරදුන්නේ මගේ නම නැතුව. ඒක තමා මේ අය කරපු වැඩේ. නායකතුමා මගෙත් එක්ක ඉඳලා ෆොටෝ එකක් ගත්තා. එදා පොරොන්දු වුණා අපි ඔක්කෝම එකතුවෙලා සජබය දිනවමු කියලා. මේ පොරොන්දුව එයාලා කඩ කළා. මගේ විශ්වාසයට ද්‍රෝහිකමක් මට කළා. ඒවා තුළින් ජනතාව දැන් සම්පූර්ණයෙන්ම කෝපවෙලා ඉන්නේ. ජනබලයත් එක්ක තමා අපි නායකතුමා හම්බෙන්න ගියේ. නමුත් මෙතෙන සමගිය ඇති කරන්න ඕන කට්ටිය අසමගියක් ඇති කරලා තියෙනවා. අද ජනතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා සමගි ජන බලවේගය බේරුවල ආසනය. මෙහෙම ගිහින් කොහොමද ලංකාව ගොඩ ගන්නේ. නායකතුමාගේ නායකත්වය එතැන පෙන්නුම් කළේ නෑ. මේ වගේ ශක්තිමත් නොවන නායකයෙක් රට කොහොමද පාලනය කරන්නේ.”

කෙසේවුවද, මීට පෙර කැලණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක විපුල පීරිස් මහතා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණයට හා මහ මැතිවරණයට උපකාර ලබාගෙන ඔහුව සජබ කැලණිය ප්‍රාදේශීය සභා ලයිස්තුවෙන් ඉවත්කර තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ බරපතල විරොධයක් හේතුවෙන් මෙසේ ඔහු නාමයෝජනා ලයිස්තුවෙන් ඉවත්කර තිබිණි.

සබැඳි පුවත්
ෆොනී සජිත්ව දණ ගස්සයි; කැලණියේ නාමයෝජනා අවුලක්

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved