Connect with us

පුවත්

සජබ විරෝධතාවයට තවත් අධිකරණ නියෝගයක් (Update)

Published

on

අද (30) දහවල් පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මහජන රැළිය සඳහා මාළිඟාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින්ද නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රැළියට සහභාගී වන පිරිසට ඩීන්ස් පාර, ටී.බී. ජයා මාවත, ටෙක්නිකල් හන්දිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුළු වීම තහනම් වේ.

සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 16 දෙනෙකු සහ විරෝධතාවයට සහභාගී වන 500කට අධික තවත් අය මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටී.

කෙසේ වෙතත් අදාළ විරෝධතාකරුවන්ට සිය භාෂණයේ නිදහස භාවිත කිරීම උදෙසා කිසිදු බාධාවක් සිදුනොකරමින් ඔවුන්ගේ මතයන් ප්‍රකාශ කිරීම සඳහා අධිකරණය බලප්‍රදේශයට අයත් පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණය හා හයිඩ්පාක් පිටිය සුරක්ෂිත ලෙස ඔවුන් වෙනුවෙන් වෙන් කොට තැබීමටත් එම පිටි තුළ විරෝධතා දැක්වීමට බාධාවක් සිදුනොවුන ඇති බවත් ඒ සඳහා අවසර ලබාදෙන බවත් මාළිඟාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝග කර තිබේ.

මේ අතර, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ද විරෝධතාකරුවන්ට නියෝග කර තිබුණේ කොටුව හා කොම්පඤ්ඤවීදිය  බලප්‍රදේශ වලට අයත් මාර්ග කිහිපයකට ඇතුල් වීමෙන් වළකින ලෙසයි.

———————-

(පෙර පුවත:2024/01/30 ප.ව.12:15)

සජබ විරෝධතාවට අධිකරණ නියෝගයක්

සමගි ජනබලවේගය විසින් අද (30) පස්වරුවේ පැවැත්වීමට නියමිත විරෝධතාවට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින්, කොළඹ මහේස්ත්‍රාත් එල්. මංජුල රත්නායක මහතා විසින් එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජිබර් රහුමාන්, මැද කොළඹ සංවිධායක අප්සරා අමරසිංහ, සමගි ජන බලවේග ක්‍රියාකාරී සමාජිකයින් සහ ක්‍රියාකාරී කාන්තා සංවිධාන ඇතුළු රැළියට සහභාගී වන සියලු සාමාජිකයින් වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, ඉහත වගඋත්තරකරුවන්ට හා ඔවුන්ගේ අනුගාමිකයින්ට මාලිගාවත්ත පොලිස් වසමේ මුස්ලිම් කනත්ත අසල සිට ප්‍රදිපා මාවත, ජයන්ත වීරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත හා ජුම්මා හන්දිය හරහා සංඝරාජ වටරවුම ඔස්සේ සංඝරාජ මාවත භාවිත කරන පුද්ගලයින්ට අවහිර වන ලෙස ගමන් කිරීම තහනම් වේ.

සබැඳි පුවත් :

උද්ඝෝෂණයකට මහ සෙනඟක් ‍අද කොළඹට ගේන බව සජබය කියයි – Sri Lanka Mirror – Right to Know. Power to Change

පුවත්

හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර ඊයේ (22) හමුවක් සිදුව තිබේ.

ඒ, විජේරාම නිල නිවසේදීය.

වර්තමාන සමාජ දේශපාලන තත්ත්වයන් ගැන මෙන්ම පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගැනීම එහිදී සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් අප දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මේ මොහොතේ තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති  අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හලාවත හදිසි ජලගැලීම් තත්ත්වයක්

Published

on

By

වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මේ නිසා හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයල යටවී ඇති බව සඳහන්ය.

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් සඳහන් පවසයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved