සමගි ජන බලවේගය විසින් ආරම්භ කිරීමට නියමිත නව සන්ධානය සඳහා පක්ෂ සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා එළඹෙන සතියේ සිට නිල වශයෙන් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
පොහොට්ටුවේ කණ්ඩායම් දෙකක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම සහ සුළු පක්ෂ සමඟ මෙම සාකච්ඡා සිදුකිරීමට නියමිත බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ සඳහා ස.ජ.බ. ජ්‍යෙෂ්ඨයන් පස්දෙනකු පත්කර ඇතැයි ද පැවසේ.
මේ අතර, එම සන්ධානය ජනවාරි 11 වැනිදා නිලවශයෙන් ලියාපදිංචි කිරීමට ද සැලැසුමක් ඇතැයි වාර්තා වේ.