පුවත්

සජබ සම්මේලනයට 25,000ක් !

Published

on

සමගි ජනබලවේගය පක්ෂයේ වාර්ෂික සම්මේලනය අද (11) පැවැත්වේ.

අද පස්වරු 01ට පමණ බොරැල්ල කැම්බල් පිටියේදී පක්ෂ සම්මේලනය ආරම්භ වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.

25,000 ක පමණ පිරිසක් ඊට සහභාගිවනු ඇති බව ඒ මහතා කියා සිටී.

එමෙන්ම සජබය සමග මිත්‍ර පක්ෂ රැසක නායකයිද මේ සඳහා සහභාගිවීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

Trending

Exit mobile version