පුවත්

සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්

Published

on

බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

ඔහු මේ බව සදහන් කළේ, අද (03) පැවති ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අතරතුරය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන මාධ්‍ය දඩයමක නිරත වීම මේක සාධාරණද? මේ තරම් විශාල ජනවරමක් ලබා ගැනීමේදී සමාජ මාධ්‍ය ක්ෂේත්‍රෙය් විශාල සහයෝගයක් ඔබට ලැබුණා. නමුත් මේ මොහොත වන විට ඉවත් කරනවායි කියපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ව දඩයම් කරනවා. අපි යෝජනා කරනවා කියන දේ කරනවානම් මේ මර්දනය නතර කරන්න.”

Trending

Exit mobile version