Connect with us

පුවත්

සජිත්ගෙන් ස්මාර්ට් ගොවියෙක්

Published

on

කරදිය සහ මිරිදිය ධීවර කර්මාන්තය තම රජයක් යටතේ සුහුරු කර්මාන්තයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පවසන්නේ, මෙරට මුහුදු සීමාවේ පවතින අනන්‍ය ආර්ථික කලාපය තුළ රාජ්‍ය පෞද්ගලික  ඒකාබද්ධ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවය.

පුත්තලම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කලේය.

“කරදිය සහ මිරිදිය ධීවර කර්මාන්තය සුහුරු කර්මාන්තයක් බවට පත්කරලා, නව ක්‍රමවේද, නව තාක්ෂණය ඔස්සේ මේ ධීවර කර්මාන්තය වැඩිදියුණු කරන්න අපි කටයුතු කරනවා. ඔබ දන්නවාද මේ වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක් අපේ රටට අයිතියි. අනන්‍ය ආර්ථික කලාපය ඒ අයිතිය අපිට ලැබුණේ 80 දශකයේ. අපි අදහස් කරනවා අනන්‍ය ආර්ථික කලාපය රට වටේට තිබෙන රාජ්‍ය, පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති තුළින් තිරසර සංවර්ධනයකට යොමු කරලා, අපේ රටට අවශ්‍ය ඒ සම්පත්, ඩොලර් ටික ලබාගන්න අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය වැඩි දියුණු කරන්න, වී ගොවිතැනට අමතරව බෝග වගාව වැඩිදියුණු කරන්න ගොවිජන පද දියුණු කරලා, ස්මාර්ට් ගොවියා, ස්මාර්ට් ධීවරයා අපි බිහිකරනවා.”

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved