Connect with us

පුවත්

සජිත්ගේ කොන්දේසි වලට ගෝඨාභය කැමති වුණේ නැහැ

Published

on

ගෝඨාභය රාජපක්ෂව එලවන තත්ත්වයකට රට පත් කරන්න රනිල් වික්‍රමසිංහ කටයුතු කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (20) සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා

” ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙත සජිත් ප්‍රේමදාස මහතා ලිපියක් යොමු කරනවා. එහිදි සජිත් ප්‍රේමදාස මහත්තයා කොන්දේසි 4 ක් පිළිබඳව කතා කරනවා. ඒ අනුව , නිශ්චිත කාල රාමුවක් තුල ජනාධිපතිවරයා ඉවත් වීම , සති දෙකක කාලයක් තුළ සියලුම පක්ෂ සහයෝගයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම , විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම , ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට නීතියේ ආධිපත්‍ය තහවුරු කොට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විම. මේ කිසිම ඉල්ලීමක අසාධාරණත්වයක් නෑ. මේ කොන්දේසි වලට ගෝඨාභය රාජපක්ෂ මහතා කැමැති වුණේ නෑ. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිශ්චිත කාල සිමාවකදී ඉවත්වෙන බව ප්‍රකාශ කළානම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ගෞරවාන්විතව ඉවත්වීමට හැකියාව තිබුණා.

ඒ වගේම කිසිදු කොන්දේසියක් නොමැති රනිල් වික්‍රමසිංහට අගමැතිධුරය භාර දුන් බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට කොන්දේසි දාන්න විදිහක් නෑ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදිලා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාගත් තනි මන්ත්‍රීවරයෙක්. ඔහුට අගමැතිධුරය භාර ගන්න කොන්දේසි අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් අගමැතිධුරය භාරගත්ත දා සිට රනිල් වික්‍රමසිංහ මහත්තයා කටයුතු කළේ ගෝඨාභය රාපක්ෂ මහතාව එලවන්න. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරම්භ කළ අරගලය දිගටම ගෙනියන්න ඔහුට අවශ්‍යතාවයක් තිබුණා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්වුණාට පස්සේ රට ගොඩගන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නෑ. රට විශාල අර්බුදයක තිබෙන්නේ. ඉදිරියේදී මීටත් වඩා අපහසු කාලයක් එනවා කියලා අදුරු චිත්‍රයක් මවා පාන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා කටයුතු කළා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වෙන තුරු රටේ ජනතාවට අදුරු චිත්‍ර මවමින් ජනතාව ගෝඨාභය රාජපක්ෂව එලවන තත්ත්වයකට රට පත් කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා කටයුතු කළා

පුවත්

වසර 5 ක් තුල සැකකරුවන් 79ක් මියයයි

Published

on

By

වසර 5 ක් ඇතුළත පොලිස් අත්අඩංගුවේ සිටියදී හා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් 79 දෙනෙකු මියගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි කොමාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් 49 ක් හා අත්අඩංගුවට ගැනීමට යාමේදී  30 දෙනෙක් එලෙස මියගොස් ඇති බවය.

ඒ තත්ත්වය යටතේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී හා අත්අඩංගුවට ගැනීමෙන් පසු කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් පොලීසිය වෙත මාර්ගපෝදේශයක් නිකුත් කිරීමට කටයුතු කළ බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

එම මාර්ගෝපදේශය වැඩබලන පොලිස්පතිතුමා විසින් චක්‍රලේඛයක් ලෙස සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර ඇතැයිද නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

බෝරා සමුළුව නිසා කොළඹට අද විශේෂ රථ වාහන සැලැස්මක්!

Published

on

By

බෝරා ආගමික ප්‍රජාවගේ සමුළුව හා ප්‍රදර්ශනය හේතුවෙන් අද (28) දිනයෙත් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

ඒ, කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය හා බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානය ආශ්‍රීතවයි.

ඒ අනුව ලබන මස 05 වැනිදා දක්වා උදෑසන 7:00 සිට රාත්‍රී 10:00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතට බහාලුම් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කර තිබේ.

එසේම ලබන 05 වැනිදා දක්වා උදෑසන 07:00 සිට පෙරවරු 11:30 දක්වා සහ සවස 03:00 සිට රාත්‍රී 10:00 දක්වා වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය හරහා කොල්ලුපිටිය දෙසටත්, කොල්ලුපිටිය සිට බම්බලපිටිය හරහා වැල්ලවත්ත දෙසටත් කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කරනු ලබයි.

පොලීසිය දැනුම්දෙන්නේ, බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරන බවයි.

අදාළ කාලය තුළ බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ පෙදෙසට වාහන ඇතුල් වීම පදිංචිකරුවන්ට පමණක් සීමා කෙරන බවද පොලීසිය සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

මාස 5 තුළ අල්ලස් චෝදනා මත සැකකරුවන් 31ක් අත්අඩංගුවට

Published

on

By

මාස 5 ක් ඇතුලත අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ මේ වසරේ පළමුවැනිදා සිට මැයි 31 වැනිදා දක්වා කාලය තුල සිදුකල වැටලීම් මගින් පොලිස් නිළධාරින් පමණක් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරු 4 දෙනෙකු, කොස්තාපල්වරු දෙදෙනෙකු ඒ අතර වන බවයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ විදුහල්පතිවරයෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවයි.

මේ අතර ඊයේ(27) දහවල් අල්ලස් කොමිසමේ විමර්ශන නිළධාරින් විසින් නාවලදී අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ලබන පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved