පලනි දිගම්බරම් මහතා විසින් තලවකැලේ සංවිධාන කළ සමගි ජනබලවේගයේ මැයි රැලියට එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ගම්පහ දිස්ත්‍රික් නායක හා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද ගොඩවී ඇතැයි වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීන් පසුව ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩාමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත්කර සිටියේය.
පසුව හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍ය ධූරය භාර ගැනීමෙන් පසුව ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් පත්කරමින් රණතුංග මහතා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයෙන් ඉවත් කරනු ලැබීය.