පුවත් සජිත්ට අනුර පරාද කරන්න බෑ – රනිල් මහියංගනයේදී කියයි Published 9 months ago on September 5, 2024 By editor සජිත් ප්‍රේමදාසට කිසි දිනක අනුර දිසානායක පරාජය කරන්න නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහියංගනයේ දී පැවසීය. හැමදාම පාර්ලිමේන්තුවේ නැගිට ඕපාදූප කතා කර පැය දෙක තුන නාස්ති කළ සජිත්ට අන්තිමට සිදුවුණේ අනුර දිසානායක තර්ජනයක් වීම යැයි ජනාධිපතිවරයා කීය. මෙරට ඉතිහාසයේ සිට තරඟය තිබුණේ දෙන්නෙක් අතර බව කී ජනාධිපතිවරයා ආණ්ඩුව සහ විපක්ෂය අතර ඒ තරඟය තිබූ බව පැවසීය. අගමැති ආණ්ඩු පක්ෂය බලා ගන්නා අතර විපක්ෂ නායක විපක්ෂය බලාගත යුතු බව කී ජනාධිපතිවරයා තමා විපක්ෂ නායක කාලේ එලෙස විපක්ෂයේම පක්ෂයකින් කිසිවෙකුත් අභියෝගයට නොආ බව කීය. දැන් අනුර දිසානායක විසින් සජිත් ප්‍රේමදාස අභිබවා ගොස් ඇතැයි කී ජනාධිපතිවරයා මේ වන විට සජිත්ට අනුර පරද්දන්නට නොහැකි තත්ත්වයට පැමිණ තිබෙන බව කීය. සජිත් දැන් කරන මෝඩ වැඩෙන් අනුරට උදව්වක් ලැබෙනු ඇති බව මතක තියාගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සැමට කියන බව පැවසූ ජනාධිපතිවරයා තමා මෙහි පැමිණියේ ඩී.එස්.සේනානායක,ඩඩ්ලි සේනානායක ,ජේ.ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස උරුමය සමඟ බව කීය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා1 week ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්3 days ago ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර පුරප්පාඩු වෙන්න කලින්ම විනිසුරු ලෆාර්ගේ නම ජනපති ව්‍යවස්ථා සභාවට යවලා පුවත්1 week ago ජනාධිපති සමාව දුන් බව කියන සිරකරු ගැන දැනුම්දීමක් පුවත්1 week ago ගෝඨාභය සමඟ “වේරැස් ගඟේ ” පැටලුණ භාතිය – සංතුෂ් පුවත්7 days ago “ජනාධිපතිතුමනි, අපි මාතරින් කට්ටඩියෝ බුක් කරලා තියෙන්නේ” (වීඩියෝ)