Connect with us

පුවත්

සජිත්ට එරෙහිව ජපුරෙන් පැමිණිල්ලක්

Published

on

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් සම්බන්ධව ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ මැතිවරණ වේදිකා හරහා අසත්‍ය පුවතක් සමාජගත කිරීම සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් අතර ඇති කරන ලද සැකයත් මත වර්ධනය වූ නොසන්සුන්කාරී තත්වයක් මත විශ්ව විද්‍යාලය වසා දැමීමට පසුගිය සැප්තැම්බර් 12 වනදා පාලනාධිකාරිය විසින් තීරණය කළ අතර, මෙම සිදුවීම පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් වැරදි ලෙස අර්ථකථනය කිරීමට ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ නියෝජිතයන් කටයුතු කරමින් සිටින බවට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි.

එම සංගමය වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක සිසුන් දේශපාලන පක්ෂ දෙකකට අයත් බවත්, ඔවුන් අතර බරපතල ගැටුමක් ඇති වී ඇති බවත්, මේ හේතුවෙන් විශ්ව විද්‍යාලය ලේ ගංඟාවක් බවට පත්ව ඇති බවත් හැගෙන ආකාරයේ ප්‍රකාශ සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ නියෝජිතයින් විසින් සමාජගත කරමින් සිටින බවය.

මෙම අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බරපකල ලෙස අගතියට පත්ව ඇති බවත් ඒ සඳහා කඩිනමින් මැදිහත්වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ.

පුවත්

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

Published

on

By

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බවය.

අද (25) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Continue Reading

පුවත්

ඉන්ධන හිඟයක් නැහැ

Published

on

By

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස 2 කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ඇනවුම් මේ වනවිට සහතික කර ඇති බවය.

“ජනතාවට කියන්න ඕනේ කිසිදු ගැටලුවක් නැතුව තව මාස දෙකකට අවශ්‍ය තෙල් අපි ඇනවුම් කරලා තියෙනවා. ඒ ඇනවුම් සහතික වෙලා තියෙනවා. මේ රටේ කිසිම හේතුවක් නිසා තව මාස දෙකක් වෙනතුරු කිසිදු තෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ගැටලුව තියෙන්නේ අපිට තෙල් ලැබෙන්නේ මොන මොන තැන්වලින් ද කියලා. එතකොට යුද්ධයේ බලපෑමක් තියෙනවාද කියන එක තමයි ඊට පස්සේ අපි බලන්න ඕනේ.”

පවතින තත්ත්වය හමුවේ නීතිවිරෝධී ලෙස ඉන්ධන සංචිත රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ඩී. ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපි ළඟ තියෙන වාර්තා අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ යුද්ධය තියෙන කලාපයෙන් නෙමෙයි. එම තෙල් අපිට එන්නේ මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාවේ සිකාවලින්. එකම එකක් තිබුණා ඕමාන්වලින් ආනයනය කළා. ඒකත් හෝමූස් සමුද්‍ර සන්දිය වසා දැම්මත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි එකේ සැපයුම්කරුවන්ට කතා කරලා ඒක සම්පූර්ණ තහවුරු කරන්න ඉන්නේ. ඩීසල් ගත්තා සම්පුර්ණ එහෙමයි යුදමය කලාපයෙන් නෙමෙයි අවසන් නිමැයුම් හැටියට අපිට ලැබෙන්නේ.”

Continue Reading

පුවත්

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවතට

Published

on

By

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ අසාධාරණ ලෙස බස් රථයක් යෙදවීමට විරෝධය දක්වමින්ය.

වර්ජනය හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටින මගීන් වෙනුවෙන්  ලංගම බස් රථ යෙදීමට කටයුතු කර  තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved