Connect with us

පුවත්

“සජිත්ට වඩා හොඳ කෙනෙක් ඉන්නවා නම් කියන්න”

Published

on

සමඟි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු මාසයේ 22 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළිදැක්වීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ප්‍රතිපත්ති පමණක් නොව සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජනබලවේගයට ශක්තිමත් කණ්ඩායමක් ද සිටින බවත් සමගි ජන බලවේගය ඉදිරියට ගෙන යන කණ්ඩායම රට ගොඩනගන කණ්ඩායම බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තවදුරටත් අදහස් දක්වමින් අජිත් පී. පෙරේරා මහතා, සජිත් ප්‍රේමදාස මහතා වඩා විශිෂ්ට, උගත්, පළපුරුදු, දූෂණයෙන් තොර නායකයෙක් සිටිනවා නම් පවසන ලෙසට අභියෝගයක්ද සිදු කර තිබේ.

“ප්‍රතිපත්තියක් නොමැති කණ්ඩායමකට රජයක් පවත්වාගෙන යන්න බැහැ. රජයක් ගෙන යන්න දක්ෂ නායකයෙක්, කණ්ඩායමක්, ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ සියලු සාධක තියෙන්නේ අපි සතුවයි.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 22 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළිදැක්වීමට නියමිතව තිබෙනවා. රට ඉදිරියට ගෙන යන දැක්ම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත වෙනවා. මේ රට නවීන රාජ්‍යයක් විදිහට ඉදිරියට ගෙන යන්නේ කොහොමද, මේ රටේ ආර්ථික තත්ත්වය නගා සිටුවලා රටක් හැටියට ලෝකය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා උපාය මාර්ගික වැඩසටහන ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපි එළිදක්වනවා. අපි අභියෝග කරනවා අපිට වඩා හොද ප්‍රතිපත්තියක් තිබෙනවා නම් කියන්න කියලා.

ප්‍රතිපත්ති පමණක් නොවෙයි සමගි ජන බලවේගයට ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. සමගි ජන බලවේගය ඉදිරියට ගෙන යන කණ්ඩායම මේ රට ගොඩනගන කණ්ඩායම යි. සජිත් ප්‍රේමදාස මහතාගේ දක්ෂ, ආකර්ශණීය, උගත් නායකත්වය සමඟ මේ රට ඉදිරියට ගෙන යෑමට ඔහු සමඟ වැඩකරන උගත් පළපුරැදු මේ රටේ දුක්විදින මනුස්සයගේ මධ්‍යම පන්තියේ අවශ්‍යතාවයන් පිළිබඳ අවබෝධයක් තියෙන හොදම කණ්ඩායම අද එකතුවෙලා ඉන්නවා.අපිට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය තිබෙනවා, විශිෂ්ට වූ ප්‍රතිපත්තියක් තිබෙනවා. පළපුරැදු, උගත් හොද කණ්ඩායමක් ඉන්නවා. මේ රටේ ආර්ථකය මෙහෙයවන්න පමණක් නෙවෙයි විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය, කෘෂිකර්මය, අධ්‍යාපනය ඒ වගේම විදේශ කටයුතු පිළිබද ඉතාම හොද පළපුරුද්දක් ලෝකයේ ඉහළම මට්ටමේ සුදුසුකම් උගත්කම තිබෙන කණ්ඩායමක් අපිට ඉන්නවා.අපි අභියෝග කරනවා සජිත් ප්‍රේමදාස මහතා වඩා විශිෂ්ට, උගත්, පළපුරුදු, දූෂණයෙන් තොර නායකයෙක් ඉන්නවා නම් කියන්න කියලා. මේ රටේ දේශපාලනයේ තුළ ඉන්න තමන්ගේ පෞද්ගලික කැපවීමෙන් මේ රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය දැක්ම, වැඩපිළිවෙල සහ චරිතය තිබෙන බව පෙන්නුම් කරපු එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා පමණයි
.

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

Published

on

By

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතාව පත්කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 37 වන මාණ්ඩලික ප්‍රධානී වන අතර නව පත්කිරීම අද (26) සිට ක්‍රියාත්මක වේ.

Continue Reading

පුවත්

හිටපු සෞඛ්‍ය ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Published

on

By

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved