පුවත්

සජිත්ට 25යි – රනිල්ට 17යි – මොනරා කියයි

Published

on

රජයට හා විපක්ෂයට ලබන මාසය බෙහෙවින් තීරණාත්මක වන අතර දෙපාර්ශවයම බිහිකරන සන්ධාන දෙකට මන්ත්‍රීවරු 30කට ආසන්න පිරිසක් පක්ෂ මාරුකරන ලබන බවද වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ සන්ධානයට අවස්ථා තුනකදී විපක්ෂයේ මන්ත්‍රීවරු 17ක් එක්වන බව විස්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට පිහිටුවාගෙන තිබෙන සන්ධාන කිහිපයක් ද රජයට සහයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන නව සන්ධානය රජයට එක්වීමට නියමිතව ඇත.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කලේ රජයට සම්බන්ධ මන්ත්‍රීවරු හා රජයෙන් ඉවත්ව සිටින මන්ත්‍රිවරු 25කට අධික පිරිසක් සමගි ජනබලවේගය මූලිකව පිහිටුවන සන්ධානයට එක්වන බවයි.

සමගි ජන බලවේගයේ මංගල රැලිය ලබන මාසයේ පැවැත්වීමට සංවිධාන කරමින් සිටින බවද ඔහු කීය.

මේ අතර  සන්ධාන දෙක ලබන මස අගදී ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

( මූලාශ්‍රය – මොනරා පුවත්පත )

Trending

Exit mobile version