පුවත්

සජිත්ට 50% ට වැඩියි

Published

on

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා මහතා පවසයි.

පූගොඩ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා වැරදි තීරණයක් ගත් බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

ඔහුට සමගි ජන බලවේගයට සහාය ලබා දී යහපත් දේශපාලන ගමනක් යාමට හැකියාව තිබියදී මෙලෙස ජනපතිවරණයට ඉදිරිපත්වීම අණුවන ක්‍රියාවක් බව ඔහු එහිදී අවධාරණය කලේය.

මෙවර ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් ඉදිරිපත්ව සිටින නිසා වත්මන් ජනපතිට තුන්වන හෝ හතරවන ස්ථානය හිමිවනු ඇති බවයි හර්ශණ රජකරුණා මන්ත්‍රීවරයා එහිදී තවදුරටත් සඳහන් කර සිටියේය.

Trending

Exit mobile version