පුවත්

සජිත් කියන්නේ පන්සිල් පද පහම රකින නායකයෙක්

Published

on

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යනු පන්සිල් පද පහ රකින, හොරකම වංචාව සහ දූෂණය නොමැති නායකයෙක් බව සමඟි ජන බලවේගයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (18) පස්වරුවේ පැවති සමඟි ජන බලවේගයේ රුවන්වැල්ලේ ජන රැළිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“සජිත් ප්‍රේමදාස කියන්නේ අපේ හාමුදුරුවනේ පන්සිල් පද පහම රකින නායකයෙක්. මගෙන් නම් පහම රැකෙන්නේ නෑ. සමාවෙන්න එහෙන් මෙහෙන් දෙකක් මිස් වෙනවා.හැබැයි සජිත් ප්‍රේමදාස මිනී මරලා නෑ. හොරකම් කරලා නෑ. මංකොල්ල කාලා නෑ. වෙඩි තියලා නෑ. බෝම්බ ගහලා නෑ…

මේ දක්ෂ කණ්ඩායමක් ඉන්නේ සජිත් මහත්තයක් එක්ක. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ආයෝජන සමුළු මේවා සියල්ලම කරන්න පුලුවන් හොරකම් කරන්නේ නැත්තම්. පගා ගහන්නේ නැත්තම්. කොමිස් ගහන්නේ නැත්තම් මේ රට දියුණු කරන්න පුලුවන් කණ්ඩායමක් අපිට ඉන්නව.”

Trending

Exit mobile version