පුවත්

සජිත්, ජලනි දෙපලගේ බබාට කැලුම්ගෙන් අපූරු තිළිණයක්

Published

on

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජලනි ප්‍රේමදාස මහත්මියගේ කුළුදුල් දියණියට ඔවුන්ගේ කිට්ටු හිතවතෙක් වන ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන කැලුම් පාලිත මහීරත්න මහතා විසින් ගීත තිළිණයක් ලබාදී තිබේ.

සජිත්, ජලනි දෙදෙනාගේ දියණිය ගැන මේවන විට මාධ්‍ය තුළ බොහෝ කතා පැතිර තිබුණද, ඔවුන් දෙදෙනා දෙමාපියන් ලෙසින් දිනාගත් අත්දැකීම හා ළුලය ඒ කිසිවකට මැකීමට හැකියාවක් නොන බව බහුතර මතය වේ.දස

ඔවුන් මෙසේ දරුඵල අත්කරගනු ලැබුවේ ලොව බොහෝ ජනප්‍රිය පුද්ගලයන් හා ධනවතුන් විසින් දරුඵල ලබා ගැනීමට යොදාගනු ලබන නවීන තාක්ෂණික ක්‍රමෝපායක් යොදා ගනිමිනි.

සාමාන්‍ය වශයෙන් ජීවවිද්‍යාත්මකව දරුවන් ලැබීමට නොහැකි යුවලක, වෙනත් කාන්තාවකගේ සඵල ගර්භබීජයක කළලයක් උසුලන කාන්තාවක් අන්වාදේශ මවක් ලෙස භාවිතා කරමින් දරුඵල ලබා ගන්නා ක්‍රමවේදය මෙහිදී සජිත් – ජලනි දෙදෙනා භාවිත කර තිබිණි.

මේ ක්‍රමයේදී අන්වාදේශ මවක් ඇය තමා ජීවවිද්යා ත්මකව මව නොවන දරුවකු උසුලාගෙන සිට බිහි කරයි.

වත්මන් ප්‍රජනන තාක්ෂණයේ ප්‍රගමනයත් සමඟම ජීවවිද්යාටත්මක මවකගේ කාර්යතය ජන්ම මව (ගර්භබීජය සපයන්නා) සහ ගර්භණී මව (සාමාන්ය යෙන් අන්වාදේශ ලෙස හඳුන්වන ගර්භනී බව දරන්නා) අතර වෙන්කර දැක්විය හැකි ය.

Trending

Exit mobile version