Connect with us

පුවත්

සජිත් නිසා රජයට මිලියන 5,564ක පාඩුවක් වෙලා!

Published

on

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඉකුත් 2015 සිට 2019 දක්වා කාලය තුළ අවිධිමත් ආකාරයට නිවාස ණය දීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 5564ට අධික පාඩුවක් වී ඇතැයි හෙළි වී තිබේ.

මේ හේතුවෙන් එකල අවිධිමත් ආකාරයට ණය දුන් ප්‍රතිලාභීන් 53709 දෙනකුගේ ණය සීමා කිරීමට සිදු වූ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි. ‍

එමගින් රුපියල් මිලියන 7852ට අධික මුදලක් රජයට ඉතිරිකරගෙන ඇති බවද පැවසේ.

මෙම ණය සීමාකිරීම් කෙරුණේ එම ණය හිමියන්ගේ එකඟතාව මත බවද සභාපතිවරයා පවසයි.

අදාළ කාල සීමාව තුළ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා නිවාස අමාත්‍යවරයා වශයෙන් නිවාස ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක කරඇත. 

ආදර්ශ ගම්මාන, විසිරි ණය ආධාර, වකුගඩු ආධාර, විරු සුමිතුරු ආධාර, ග්‍රාම ශක්ති, සහ ගංවතුර ආධාර යනු එම නිවාස ව්‍යාපෘති වේ.

පළාත් පාලන මැතිවරණය හා ජනාධිපතිවරණය පැවැත්වූ 2018 හා 2019 වසරවලදී අවිධිමත් ආකාරයෙන් ණය ලබා දීම වැඩි වී ඇති බවද රජීව් සූරියආරච්චි මහති පෙන්වා දෙයි. 

2019 දී පමණක් නිවාස 62994ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරඇති අතර ඒ සඳහා ප්‍රතිපාදන වෙන් වී ඇත්තේ, නිවාස 40500ක් සඳහා පමණක් බවද පැවසේ.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved