පුවත්

සත්ත්ව නිෂ්පාදන ආනයන සීමා කෙරේ

Published

on

කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

දැනට රටවල් කිහිපයක යළිත් හිස ඔසවා ඇති Avian Influenza හෙවත් කුරුළු උණ රෝග කාරක වෛරසය වන A(H5N1) වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ක්‍රියාමාර්ග තවදුරටත් පැවැති පරිදිම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.

මෙම කාරණය සම්බන්ධව නිතරම මාධ්‍ය ආයතන විසින් තමන්ගෙන් විමසන බව සඳහන් කළ ඒ මහත්මිය කුරුළු උණ රෝගය වාර්තාවන කිසිදු රටකින් මෙරටට සත්ව නිෂ්පාදන හෝ සතුන් ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බව ද සඳහන් කළාය.

එමෙන්ම පළමුවරට ඇමරිකා එක්සත් ජනපදයේ ගවයින් ආශ්‍රිතව  ද ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදී ඇති බවට වාර්තා වන නිසා එය දරුණු තත්ත්වයක් බවත් එසේ වුවත් මෙරට තුළ ක්‍රියාත්මක වන රෝග ආවේක්ෂණ වැඩ පිළිවෙළ පැවැති අන්දමට තවදුරටත් ශක්තිමත් කර ඇති බවත්, ඒ නිසා අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවද අවධාරණය කළාය.

Trending

Exit mobile version