Connect with us

පුවත්

සත්ත්ව සංගණනයට පත්‍රිකා ලක්ෂ 73ක් ම්‍රද්‍රණය වෙයි

Published

on

වන සත්ත්ව සංගණනයට පත්‍රිකා ලක්ෂ 73ක් මුද්‍රණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ පවසයි.

සංගණනය පැවැත්වෙන ලබන 15 වන දා පෙර දිවයිනේ සියලු ම නිවාසවලට මෙම පත්‍රිකා බෙදාහැරීමට සැලසුම් කර ඇතැයි ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

ගෘහ අංකය, නම, ලිපිනය, දුරකතන අංකය මෙන් ම සංගණන කාලයේදී රිලවා, වඳුරා, මොනරා සහ දඬු ලේනා යන සතුන් පෞද්ගලික ඉඩම තුළ කොපමණ සිටීදැයි නිවැසියන් පත්‍රිකාවේ සටහන් කළයුතු බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

සංගණනයේ පත්‍රිකා මුද්‍රණයට හා බෙදාහැරීමට පමණක් මුදල් වැය වන බව ත් මෙම වැඩසටහනේදී වෙනත් අමතර මුදලක් වියදම් නොවන බව ත් අමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, සංගණනය පැවැත්වීමට යොදාගෙන ඇති කාලය සංශෝධනය කරන්නැයි ඇතැම් පාර්ශ්ව ඉල්ලා ඇති නමුත් සංගණනයට සුදුසු ම වේලාව යොදාගෙන තිබෙන බව ත් ඒ අනුව උදෑසන 8;00 – 8:05 කාලය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ත් ඔහු පැවසීය.

ඉංගිරිය ප්‍රදේශයේදී පෙර පුහුණු සමීක්ෂණයක් පවත්වා අධ්‍යයනයක් සිදුකිරීමෙන් අනතුරුව මෙම කාලය යොදාගත් බවද හේමන්ත අමරසිංහ මහතා කියා සිටියේය.

වන සතුන් උදෑසන 6:00ට පමණ ඇහැරී ගමන් කරන බව ත් සමීක්ෂණ කාලය තුළ ඔවුන් වනාන්තරවලින් පිටවී කුමන හෝ ස්ථානයක සිටිය හැකි බව ත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

එම සතුන් ඇතැම් වතුවලට උදෑසන කාලය මඟහැර සවස් කාලයේදී පැමිණිය හැකි නමුත් සංගණනයට එය ගැටලුවක් නොවන බවද ඒ මහතා සඳහන් කරයි.

පෞද්ගලික ඉඩම්වලට පැමිණෙන වන සතුන් පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමට දුරකතන මෘදුකාංග (ඇප්) මාර්ගයෙන් මෙන්ම වට්ස්ඇප් හා එස්.එම්.එස්. මඟින් උත්සාහ කළ නමුත් දුරකතන සංඥාවල දුර්වලතා මෙන්ම දුරකථන සාක්ෂරතාවේ දුර්වලතාව හේතුවෙන් එම වැඩපිළිවෙල අසාර්ථක වූ බව ත් ඒ අනුව මෙවර සංගණනය පැවැත්වීමට යොදාගත් බව ත් හෙතෙම පැවසීය.

මූලාශ්‍රය  – මව්බිම පුවත්පත

පුවත්

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

Published

on

By

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ මහජන ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, අධිකරණ නිර්ණායකයන්ට අනුකූල වන ආකාරයෙන් වගන්ති සංශෝධනය කළහොත් මෙම උල්ලංඝනයන් අදාළ නොවන බව ද සඳහන්ය.

Continue Reading

පුවත්

විශේෂ පාර්ලි­මේන්තු රැස්වී­ම (සජීවී විකාශය)

Published

on

By

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය පරිදි අද (30) දින පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද මෙලෙස පාර්ලිමේන්තුව කැඳවා ඇත.

රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ පනතේ 11 වැනි වග­න්තිය ප්‍රකා­රව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදි­නට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශ­යක් නිවේ­ද­නය කිරීමේ අව­ශ්‍ය­තාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලි­මේ­න්තුව මෙලෙස රැස්වී­ තිබේ.

මීට අදා­ළව ආණ්ඩුව ගෙන එන සභාව කල්තැ­බීමේ විවා­දය අද සවස 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

සභාව කල්තැ­බීමේ මෙම විවා­ද­යෙන් පසුව පාර්ලි­මේ­න්තුව නැවත ජූලි මාසයේ 8, 9 සහ 11 යන දින­වල රැස්වී­මට නිය­මිතය.

අද දින පාර්ලිමේන්තුවේ සජීවි විකාශය ,

Continue Reading

පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 05දෙනෙකුට ස්ථාන මාරු

Published

on

By

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවය.

අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් මෙසේය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved