ලබන මස පළමු වැනිදා සිට දෙහිවල සත්වෝද්‍යානයේ අයිස්ක්‍රීම් අලෙවි කෙරෙන්නේ පොලිතින් ආවරණය ඉවත් කරමින් බව එහි අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා මාධ්‍යට පවසා තිබේ.
ඒ සත්වෝද්‍යානය පොලිතින්වලින් තොර කලාපයක් බවට බවද ඒ මහතා සඳහන් කරයි.
බිස්කට් අලෙවි කිරීමේ දී ද පොලිතින් ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන බවත් ඒ සඳහා සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නන්ගේ සහය අවශ්‍ය වන බවද ඔහු දන්වා සිටී.
පාර්ලිමේන්තුවේ පසුගියදා පැවැති පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර ප්ලාස්ටික ජල බෝතල් වෙනුවට වීදුරු ජල බෝතල් අලෙවි කරන ලෙස කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම අධ්‍යක්ෂ ජනරාල්වරයාට යෝජනා කර ඇත.
ඒ පිළිබඳවත් අවශ්‍ය කටයුතු කරගෙන යන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
සත්වෝද්‍යානය තුළ අලෙවිසල් පවත්වාගෙන යන්නන් සමග මෙම පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද අයිස්ක්‍රීම් අලෙවියේ දී ඉවත් කෙරෙන පොලිතින් ආවරණ එකතු කර අලෙවිකරුවන් ඒවා පාලන අංශ වෙත භාර දිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.