Connect with us

පුවත්

“සත්‍ය ජයගන්නවා”. නාමල්ගෙන් X සටහනක්

Published

on

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X පණිවිඩයක් නිකුත් කර තිබේ.

ඔහු පවසන්නේ, මෙම නඩුව හරහා ආණ්ඩුවේ අසාර්ථකත්වය බව ප්‍රදර්ශනය කෙරෙන බවත්, සත්‍ය ඉක්මණින් ජයගනු ඇති බවය.

ඊට අදාළ X පණිවිඩය පහතින්,

“ක්‍රිෂ් සමාගම සම්බන්ධ නඩුව සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයා මට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කර ඇති බව මම මාධ්‍යවලින් කියෙව්වා. යහපාලන ආණ්ඩුව සමයේ, මෙම කාරණය මුලින් විමර්ශනය කළ විට, මෙම කාරණය ගරු නීතිපතිවරයා වෙත යොමුකරන ලද්දේ වසර 8 කට පෙරයි. වත්මන් ආණ්ඩුව යටතේ වසර 8 කට පසු අද අධිචෝදනා පත්‍රයක් ගොනුකර තිබෙනවා. වත්මන් ආණ්ඩුව රාජපක්ෂ පවුලට එරෙහිව දේශපාලන දඩයමක් දියත්කර ඇති බව පැහැදිලියි.

මම අධිකරණය කෙරෙහි විශ්වාසයෙන් සිටින අතර යුක්තිය ජය ගනු ඇතැයි විශ්වාස කරමි.අපට එරෙහිව චෝදනා ගොතන ලද අතර, රට පාලනය කිරීමේදී ඔවුන්ගේ අසාර්ථකත්වයන්ගෙන් අවධානය වෙනතකට යොමුකළ හැකි බවත්, ජනතාව මුහුණ දෙන බරපතල බර අඩුකර ගත හැකි බවත් ජාතික ජන බලවේග ආණ්ඩුව විශ්වාස කරන බව පේනවා. කෙසේවෙතත්, ඔවුන්ගේ අඩුපාඩු ඉක්මණින් සියල්ලන්ටම පෙනෙන පරිදි හෙළිවෙයි. රාජපක්ෂලාට පහර දීම පිටුපස ආණ්ඩුවට ඔවුන්ගේ අසාර්ථකත්වයන් දිගු කලක් සැඟවිය නොහැකියි. යුක්තිය අන් සියල්ලටම වඩා ජයගනු ඇතැයි මම දැඩි ලෙස සහ අවංකව බලාපොරොත්තු වෙනවා සහ විශ්වාස කරනවා”

පුවත්

හෙට ඉහළ උණුසුම් තත්ත්වයක්

Published

on

By

හෙට (06) නැගෙනහිර, උතුරු, වයඹ සහ උතුරු-මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් අදාල ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්වන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.

අදාළ නිවේදනය පහතින්,

Continue Reading

පුවත්

මීළඟ විදුලි ගාස්තු සංශෝධනය තෙක් IMF ණය වාරිකය නොලැබේ

Published

on

By

ජුනි මාසයේදී සිදුකෙරෙනු ඇතැයි අපේක්ෂිත මීළඟ විදුලි ගාස්තු සංශෝධනය වන තෙක් අයිඑම්එෆ් පස්වන ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ප්‍රමාද වනු ඇත.

මේ බව  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙලේ ආරංචිමාර්ග “දිවයින”ට තහවුරු කළේය.

මෙයට හේතුව වී ඇත්තේ අයිඑම්එෆ් එක සමග එකඟ වී ඇති  පිරිවැය ආවරණය කෙරෙන මිල ක්‍රමය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රමාද වීමයි.

මෙය ශ්‍රී ලංකාව පැත්තේ ප්‍රමාදයක් මිස අයිඑම්එෆ් ප්‍රමාදයක් නොවන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍රය  – දිවයින

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මර්වින් නැවතත් රිමාන්ඩ්

Published

on

By

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී දැනට අධිකරණය මගහරිමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved