පුවත්

සතියක් බාර් වහන්න තීරණයක්

Published

on

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක පිහිටා ඇති සියලුම බලපත්‍රලත් සුරාසැල් පොසොන් සතිය තුළ වසා තබන ලෙස ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හා මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන් තුළ පිහිටා ඇති සුරා සැල් මෙලෙස වසා දැමීමට නියමිතය.

නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එළඹෙන පොසොන් සතිය වන ජුනි 18 හා ජුනි 24 දක්වා කාලය තුළ මෙම සුරා සැල් වසා දැමීමට තීරණය කර ඇති බවයි.

Trending

Exit mobile version