හිඟ ඖෂධ වර්ග 50ක් ඉදිරි සති දෙක තුළ ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඖෂධ හිඟය යම් ප්‍රමාණයකට පාලනය කෙරෙන වෙනු ඇතැයි එම අමාත්‍යාංශය කියා සිටී.
දැනට වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ වර්ග 230ක හිඟයක් පවතින බව මීට පෙර වාර්තා විය.
එම ඖෂධ සියල්ල වහාම ඇනවුම් කර ආනයනය කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දීය ණය ආධාර වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට පහසුකම් සලසා දී ඇත.