Connect with us

පුවත්

සතුන් ගැන ඇකඩමියක්

Published

on

සත්ව සංරක්ෂණය හා සත්ව උද්‍යාන කළමණාකරණය පිළිබඳව ජාතික ඇකඩමියක් ස්ථාපනය කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දැනට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, හස්ථි බාරකරුවන්, මත්ස්‍යාගාර උපස්ථායකවරුන් සත්ව බාරකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය 800ක් පමණ සිටියද ඔවුන්ට වැඩිදුර පුහුණුව සඳහා විදිමත් ආයතනයක් නොමැති බව අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම පසුගිය කාලය තුළ චීනය, ඔස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ඉන්දියාව, ලැට්වියාව, චෙකොස්ලොවේකියාව, පකිස්ථානය, මැලේසියාව හා මහා බ්‍රිතාන්‍ය වැනි රටවල්වලින් විදේශ ශිෂ්‍ය කණ්ඩායම් 300ක් පමණ වනසත්ව සංරක්ෂණය හා සත්වෝද්‍යාන කළමනාකරණය පිළිබඳ පුහුණුව ලබා ගැනීම සඳහා මෙරටට පැමිණ තිබේ.

සත්ව සංරක්ෂණයට හා සත්ව උද්‍යාන කළමනාකරණය සදහා මෙතෙක් ජාතික ඇකඩමියක් නොමැතිකම බරපතල අඩුපාඩුවක් බව පෙනී ගොස් ඇති නිසා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන දෙස් විදෙස් සිසුන්ට අධ්‍යාපනය ලබා දිය හැකි සත්ව සංරක්ෂණ හා සත්ව උද්‍යාන කළමනාකරණය පිළිබඳ ජාතික අධ්‍යයන ආයතනයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

සත්ව සංරක්ෂණ ඇකඩමිය පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ. මෙහි දෙස් විදෙස් සිසුන් රැසකට අවශ්‍ය පහසුකම් සැපයීමට තීරණය කර තිබෙන බව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් පවසයි.

(අරුණ)

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved