ලංකා සතොස ආයතනයේ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග හතරක මිල අඩු කර තිබේ.
එම ආයතනය නිවේදනය කළේ දේශීය සම්බා, සුදු කැකුළු, සුදු නාඩු සහ පාන් පිටි වල මිල ගණන් මෙලෙස අඩු කර ඇති බවයි.
ඒ අනුව දේශීය සම්බා කිලෝවක මිල රු. 5කින්, දේශීය සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 16කින්, දේශීය සුදු නාඩු කිලෝවක මිල රුපියල් 2කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 5කින් අඩු කර තිබේ.
එම භාණ්ඩ වල නව මිල ගණන් පහතින්.
දේශීය සම්බා කිලෝවක මිල රුපියල් 220යි.
දේශීය සුදු කැකුළු කිලෝවක මිල රුපියල් රුපියල් 189යි.
දේශීය සුදු නාඩු කිලෝවක මිල රුපියල් 198යි.
පාන් පිටි කිලෝවක් රුපියල් 240යි.