පුවත්

සතොස ලොක්කෝ හිතුමතේ දීමනා බෙදාගෙන මාට්ටු වෙයි!

Published

on

ලංකා සතොස ලිමිඩඩ් සමාගම විසින් එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහා මාසික දීමනා වශයෙන් පසුගිය 2022 වසරේදී රුපියල් අටලක්ෂ හතළිස්හයදහස් හයසිය හැටක මුදලක් හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්ට අට දෙනෙකු සඳහා රුපියල් තිස් එක් ලක්ෂ පනස්පන්දහසක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කර ඇති විගණන වාර්තාවකින් හෙළිව තිබේ.

ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු සඳහා ගෙවිය යුතු මාසික දීමනාව පිළිවලින් රුපියල් අනූ පන්දහසක් සහ අනූ දහසක් වශයෙන් අනුමත කර තිබියදී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහා 2022 වසරේදි රුපියල් ලක්ෂ දෙකහමාරක මාසික දීමනාවක් ගෙවා ඇති බව හෙළිව තිබේ.

එසේම, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරු සඳහා රුපියල් ලක්ෂ එකහමාරක මාසික දීමනාවක් ගෙවා ඇති බව අදාළ විගණන වාර්තා වලින් පෙන්වා දී ඇත.

එමෙන්ම සතොස සමාගම විසින් භාන්ඩාගාරයේ අනුමැතියකින් තොරව නිල වාහන භාවිත කිරීමට හිමිකම් නොමැති නිලධාරීන් සඳහා මාසිකව රුපියල් දොලොස්දහස් පන්සියය බැගින් නිලධාරීන් 11 දෙනෙකුට රුපියල් දා හතරලක්ෂ අසූ හත්දහස් පන්සියයක් වූ ප්‍රවාහන දීමනාවක්ද එම වර්ශයේදී ගෙවා ඇතැයිද පැවසේ.

සතොස සමාගමේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් යොමුකරන ලද ලිපිය මගින් ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා රුපියල් අනූ පන්දහසක මාසික දීමනාවක් හා අනුමත සන්නිවේදන ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ගෙවීම් කිරීමට අනුමැතිය ලබා දී ඇති බවයි.

මූලාශ්‍රය – මොණරා

Trending

Exit mobile version