පුවත්

සද්ධාරතන හිමියන් රිමාන්ඩ් (Update)

Published

on

ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

අද (29) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කෙරුණු උන්වහන්සේව ජූනි 07දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කරනු ලැබුණි.

——————–

(මුල් පුවත්. 2023 මැයි 29  පෙ.ව. 10.03     )

රාජාංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට

රාජාංගනයේ සද්ධාරතන හිමියන් ව ඊයේ (28) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් උන් වහන්සේව අනුරාධපුර, ශ්‍රාවස්ති ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණයන්ට අදාලව මෙම අත්ඩඅංගුවට ගැනීම සිදුකර ඇති අතර, උන්වහන්සේව අද (29) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version