Connect with us

පුවත්

සනත්ගේ අසුන විමල්ගේ අයෙකුට 

Published

on

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා පත් වීමට නියමිත බව වාර්තා වේ.

ඒ සනත් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වූ මැතිවරණයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළ මනාප ලැයිස්තුවේ තේරී පත් නොවූ අපේක්ෂයන්ගේ වැඩිම මනාප සංඛ්‍යාව ඔහුට හිමි වීම හේතුවෙනි.

එම මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වැඩි ම මනාප සංඛ්‍යාවක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ පළමු වැනියා වීමට සනත් නිශාන්ත මහතාට හැකි වූ අතර ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 80082ක්.

එම ලැයිස්තුවේ හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකර මහතා විසින් හිමිකර ගත් අතර ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 40527කි.

එම මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු අසුන් 5ක් හිමි වූ අතර  පිළිවෙලින් සනත් නිශාන්ත, ප්‍රියන්කර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත යන මහත්වරු එම අසුන්වලට පත් වූහ.

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා මියගියේය.

පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී ඇති බවයි.

අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී මේ අනතුර සිදුව තිබිණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

කෙසේවෙතත් ජගත් ප්‍රියංකර, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස්පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන අතර ජාතික නිදහස්පෙරමුණ මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් සිටී.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved