Connect with us

පුවත්

සනත් නිශාන්තගේ මරණය සැකබව කියා බිරිඳගෙන් පැමිණිල්ලක්

Published

on

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත බව කියමින් ඒ මහතාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (07) පැමිණිල්ලක් කළ බව අධිනීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය පැවසුවාය.

විශේෂිත කරුණු කීපයක් ඉදිරිපත් කරමින් පිටු පහක පමණ ප්‍රමාණයකින් යුත් විස්තර ඇතුළත් කර එකී පැමිණිල්ල සිදුකළ බව අධි නීතිඥවරිය වැඩිදුරටත් පැවසුවාය.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 11 දශම 1 කෙළවර පිටිය ප්‍රදේශයේදී  ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් සුඛෝභෝගී ජිප් රථය ඉකුත් ජනවාරි (25) කන්ටේනර් රථයක ගැටීමෙන් රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කර පොලිස් කොස්තාපල්වරයෙකු මියගියේය

අනතුරින් සුඛෝභෝගී රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙනා රිමාන්ඞ් භාරයට පත් කර සිටි අතර අධිකරණ ඇප මත මුදාහැර තිබිණි

මියගිය රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත් මස (24) හලාවත  බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී ආපසු කොළඹ බලා  පැමිණෙමින් සිටියදී එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටී අනතුරුව ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුවී තිබිණි

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved