වසර 2019දී තංගල්ල ප්‍රදේශයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය වෙනුවෙන් විදුලිය ලබාගැනීම සඳහා වැයවූ බවට සඳහන් රු. ලක්ෂ 26ක හිඟ බිල්පතක් පිළිබඳව පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති වූ අතර, මෙම හිඟ විදුලි බිල්පත අද (02) දිනයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් ගෙවාදමා තිබේ.
රාජ්‍ය අමාත්‍යවරයා විසින් කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී මෙම මුදල ගෙවා ඇති බව වාර්තා වේ.
මෙම බිල වෙනුවෙන් තමා රුපියල් 2,682,246.57ක මුදලක් පෞද්ගලිකව ගෙවූ බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
(වීඩියෝ : නිවුස්ෆස්ට්)