Connect with us

පුවත්

සන්ධානයේ දයාශ්‍රිත තිසේරා සජබෙට යයි

Published

on

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දයාශ්‍රිත තිසේරා මහතා අද (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජනබලවේගය හා එක්ව තිබේ.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙසද පත් කරන ලදී.

ෆේස්බුක් සටහනක් එක්කරමින් තිසේරා මහතා පවසා ඇත්තේ මේ තමාගේ දේශපාල ඉතිහාසයේ හා වර්ථමානයේ ඉතාම තීරණාත්මක මොහොතක් වන බවත්, වසර 15ක පාර්ලිමේන්තුවේ සිට ගත් අත්දැකීමෙන් තව දුරටත් නාත්තන්ඩි ආසනයට හා පුත්තලම් දිස්ත්‍රක්කයට ඇප කැප වී සේවය කිරීම සිය එකම බලාපොරොත්තුව වන බවත්ය.

1970 සිට 1977 දක්වා කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම කීර්තිමත් දේශපාලනඥයකු ද නාත්තන්ඩිය ආසනයේ සංවිධායකවරයාද වූ ප්‍රොටස් තිසේරා මහතාගේ පුත්‍රයා වූ ඔහු කැබිනට් හා නියෝජ්‍ය අමාත්‍ය ධූරද හෙබවා තිබේ.

පුවත්

ප්‍රදේශ කිහිපයකට හවසට තද වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය.

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රිකවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Continue Reading

පුවත්

කොළඹ නගරාධිපති සජබෙන්

Published

on

By

කොළඹ නගර සභාවේ බහුතරයක් මන්ත්‍රි ධුර විපක්ෂය නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ විසින් හිමිකරගෙන ඇති බැවින් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධව සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයකු සමග කොළඹ නගර සභාව පිහිටුවීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි.

මහලේකම්වරයා මේ බව පවසා සිටියේ ඊයේ (07 වැනිදා) මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

මෙහිදී අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවැසීය.

කොළඹ නගර සභාවේ රජයට හතළිස් අටයි මන්ත්‍රි ධුර හම්බවෙලා තියෙන්නේ. ප්‍රතිශතයක් විදිහට සියයට හතළිස් ගාණක් ආණ්ඩුව හිමිකරගෙන තියෙන්නේ. නමුත් අපි ඇතුළු විපක්ෂයේ සියලුම කණ්ඩායම්වලට සියයට හැටකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනා එක්වෙලා කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයකු පත්කරනවා. ප්‍රාදේශීය සභා කොට්ඨාස කිහිපයක විපක්ෂය විදිහට අපි වැඩි මන්ත්‍රි සංඛ්‍යාවක් හිමිකරගෙන තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ගණනය කිරීම් මේ වන විට සිදුකරනවා. ඒ නිසා විපක්ෂයට බලය තියෙන පළාත් පාලන ආයතන සියලේම බලය පිහිටුවීමට අපි කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයත් සමග එක්ව කටයුතු කරන්න සිදුකරපු සාකච්ඡා අපි නවතලා තිබුණේ නෑ. ඒ නිසා එම සාකච්ඡාවලට පිවිසෙන්න ඒ ඔස්සේ ඉදිරියට යන්න ලැබෙන අවස්ථාවක් මේක. එළැඹෙන ජුනි මාසේ දෙවැනිදා තමයි පළාත් පාලන ආයතනවල රැස්වීම තියෙන්නේ. එදාට සියලු දෙනා එක්ව කටයුතු කරනවා.

Continue Reading

පුවත්

මැතිවරණවලදී පාසල් වසන තීන්දු ගැන කල්පනාකාරීවන්නැයි මැකෝට කියයි

Published

on

By

මින් පසු මැතිවරණවලදී පාසල් කාර්ය මණ්ඩල හා පාසල් පැවැත්වීම පිළිබඳ තීරණ ගැනීමේදී වඩා සැලකිලිමත් වන ලෙසට දැනුම් දෙමින් විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට ලිපියක් යවා තිබේ.

ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන්ට හා එම කාර්ය මණ්ඩලයට මෙන්ම ගණන් කිරීමේ කාර්යයේ යෙදී සිටි අනෙකුත් කාර්ය මණ්ඩලයටත් ඡන්ද විමසීමෙන් පසු දින රාජකාරී නිවාඩු ලබාදෙන ලෙසට අප්‍රේල් මස 25 වැනිදා ලිඛිත ඉල්ලීමක් කළ බව ද එදින තීරණයක් නොගෙන ඡන්ද විමසීම දින රාත්‍රි 11.00ට ඊට අදාළව මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් දෙපාර්තමේන්තුවේ අසමත්භාවය පෙන්වීම ගැන කනගාටු වන බවත් එහි සඳහන් කර ඇත.

රාත්‍රියේදී නිවාඩු නිවේදන නිකුත් කිරීමෙන් පාසල් සිසුන් විශාල අපහසුතාවකට පත් වූ බවත් පාසල් පරිපාලන කටයුතු බෙහෙවින් අවුල් වූ බවත් පවසන එම සංගමය දින දෙකකට පෙර ගත යුතු තීරණයක් අතපසු කළ බවට චෝදනා කිරීමට සිදුව තිබෙන බවත් පවසයි.

එසේම පාසල්වලින් බැහැර මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය ඩෙස්ක් පුටු ආදිය මහ රෑ ප්‍රවාහනය කිරීමට සිදුවීමෙන් ඇතැම් ස්ථානවල එම කටයුතු අතපසුවීම නිසා අපහසුතා රැසක් පැන නැගුණු බවත් එම ලිපියේ සඳහන්ව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved