පුවත්

සඳුදාට ෆයිසර් මාත්‍රා මිලියන 7ක් කල් ඉකුත් වෙයි!

Published

on

මෙරට සතු ෆයිසර් මාත්‍රා තොගය කල් ඉකුත් වූ පසු නිසි පරිදි බැහැර කිරීම හැර වෙන විකල්පයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, මෙරට පවතින ෆයිසර් මාත්‍රා මිලියනයකට අධික සංඛ්‍යාවක් ලබන සඳුදා කල් ඉකුත්වීමට නියමිත බවය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සඳුදා දිනයෙන් පසු නව කාණ්ඩයක් ආනයනය කරන තුරු ෆයිසර් කොවිඩ් 19 එන්නත මෙරට තුළ නොමැති බවයි.

වෛද්‍ය හේරත් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ එන්නත් කල් ඉකුත්වීමට පෙර ඔවුන්ගේ පළමු හෝ දෙවන බූස්ටර මාත්‍රාව කඩිනමින් ලබා ගන්නා ලෙසයි.

Trending

Exit mobile version