තමන් උගන්වන සිසුන්ට පාසලේදී හෝ ඉන් පරිබාහිර ස්ථානයකදී මුදල් අයකරමින් උපාරක පන්ති පැවැත්වීම සබරගමු පළාතේ ගුරුවරුන්ට සපුරා තහනම් කර තිබේ.
පළාත් අධ්‍යාපන ලේකම් සුජානි ආර්. විජේතුංග මහත්මිය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මෙම තහනම පනවා ඇත.
එසේම ඇය මේ සම්බන්ධයෙන් දෙමව්පියන් දැනුවත් කිරීමට සකස් කර තිබෙන දැන්වීම ලැමිනේට් කර පාසල් පිවිසුම් දොරටුව ඉදිරිපස ප්‍රදර්ශනය කරන ලෙස ද සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
චක්‍රලේඛ උපදෙස් නොසලකන ගුරුවරුන් සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් තමන් දැනුවත් කළ යුතු බවත්, එවැනි ගුරුවරුන්ටත් ඔවුට ආසන්ම මාණ්ඩලික නිලධාරියා වන විදුහල්පති වරුන්ටත් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ලේකම්වරිය සඳහන් කරයි.
තම උපකාරක පංතිවලට සහභාගිවන ලෙස දරුවන්ට ගුරුවරුන් විවිධ බලපෑම් එල්ලකරමින් සිටින බවට හා එම පංතිවලට සහභාගි නොවන අවස්ථාවලදී දරුවන් විවිධ කායික හා මානසික පීඩාවන්ට ලක්කරණ බවට තමන්ට දීගින් දිගටම පැමිණිලි ලැබෙමින් පවතින බවට චක්‍රලේඛයේ සඳහන් කරන ලේකම්වරිය එම ගුරුවරුන් පාසලේ ඉගැන්වීම් කටයුතු සඳහා අවධානය යොමු නොකරන බවට පැමැණිලි ලැබී තිබෙන බවත් ප්‍රකාශ කරයි.