පුවත්

සබ්‍රි ඇතුළු දූත පිරිස බීජිං වෙත ළගාවෙයි (ඡායා)

Published

on

ලෝක ආර්ථික සමුළුවට සහ ද්විපාර්ශ්වික රැස්වීම්වලට සහභාගි වීම සඳහා  චීනයේ සංචාරයක නිරත විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස බීජිං නුවරට ළගාවී තිබේ.

ලෝක ආර්ථික සමුළුව ජුනි 27 සිට 29 දක්වා චීනයේ ටියැංජින් හිදී පැවැත් වේ.

‘ව්‍යවසායකත්වය: ගෝලීය ආර්ථිකයේ ගාමක බලවේගය’ යන තේමාවෙන් යුත් මෙම සමුළුව, ආර්ථික අභියෝග සම්බන්ධයෙන් කලාපීය සහ ගෝලීය සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන ලොව පුරා රටවල් 90කට අධික දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් අතර සංවාදය සඳහා වේදිකාවක් සපයනු ඇත.

චීන විදේශ අමාත්‍ය චින් ගාං ගේ ආරාධනය මත මෙම සංචාරයට එක්ව සිටින සබ්‍රි මහතා චීන විද‌ේශ අමාත්‍යවරයා හා ඉහල පෙළේ ප්‍රභූවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මීට අමතරව, බීජිං හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව මෙන්ම ටියැංජින් විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික සිසුන් සමඟ ද සහද හමුවකට එක්වීමට නියමිතය.

සබැදි පුවත්

සබ්‍රි මේ සතියේ චීනයට 

Trending

Exit mobile version