Connect with us

පුවත්

සබ්රි වොල්ෂ්ව කාර්යාලයට කැඳවයි

Published

on

කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා 2023 මැයි 18 වැනි දින නිකුත් කළ ප්‍රකාශය මුළුමනින්ම හෙළා දැක ප්‍රතික්ෂේප කළේ ය.

දේශපාලන නැඹුරුවක් සහිත මෙම ප්‍රකාශය මතභේදාත්මක ප්‍රකාශයක් බවත්, එය කැනඩාවේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතා සඳහා නිකුත් කළ එකක් බවත් අමාත්‍ය සබ්රි මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.

එල්ටීටීඊ සංවිධානය දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙහෙයවූ ත්‍රස්තවාදී යුද ගැටුම මධ්‍යයේ සිදු වූවා යැයි කියන ‘ජන සංහාරය’ පිළිබඳ ඉදිරිපත්ව ඇති මෙම පදනම් විරහිත චෝදනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව වි‌දේශ කටයුතු අමාත්‍යාංශය  නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා රජය ආර්ථික ස්ථාවරත්වය, සාමය සහ ප්‍රතිසන්ධානය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරමින් සිටින මෙම සුවිශේෂී අවස්ථාවේ දී, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදු කළ මෙම ප්‍රකාශයේ ඇති සාවද්‍ය සහ පදනම් විරහිත චෝදනා හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ධ්‍රැවීකරණයට ලක් විය හැකි බවද විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

මෙම ‘ජන සංහාරය’ ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද්දක් බවට පළ වන අත්තනෝමතික හා සාවද්‍ය චෝදනා මෙහෙයවනු ලබන්නේ, ඩයස්පෝරාවේ සිටින බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් සහිත සහ දේශපාලනික වශයෙන් පොළඹවන ලද  ශ්‍රී ලංකා විරෝධී සුළුතරයක් විසින් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.

කැනඩාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවකු වන ශ්‍රී ලංකාව, කැනේඩියානු රජයේ සහයෝගය මෙරටට ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර, අන්තර්ග්‍රහණීය සංවර්ධනය සහ තිරසාර සාමය පිළිබඳ අපගේ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කිරීමේ දී, කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රජාව ඒ සඳහා ඵලදායි ලෙස සම්බන්ධ කර ගන්නා අතරතුර, දෙරටේ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය වන ආකාරයේ  සබඳතා පවත්වන ලෙස කැනඩාව දිරිමත් කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved