යහපාලන රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් අධික කුලියක් ගෙවා ලබා ගැනීම සම්බන්ධයෙන් රජය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
අදාල ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීමට රුපියල් කෝටි 66ක තැන්පතු මුදලක් රජයෙන් එහි හිමිකරු බව පැවසෙන ප්‍රවීණ නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියා වන ව්‍යාපාරික උපාලි ජයසිංහ මහතාට ලබා දී ඇති අතර ගොඩනැගිල්ල ආපසු බාරදී වසර ගණනාවක් ගත වුවත් එම තැන්පතු මුදල (key money) ආපසු ලබා දී නැති බව පැවසේ.
කෘෂිකර්ම අමාත්‍යංශය ඒ පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කර ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් පතා ඇතැයි ද එම අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.