පුවත්

සභාවෙන් ගිය පසු ජනපතිගේ අදහස වෙනස් වෙලා?

Published

on

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (29) පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර ඇති නමුත් පාර්ලිමේන්තු අය වැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පළාත් සභා තුළ දිස්ත්‍රික් සංවර්ධන කමිටු (DDC) පිහිටුවීමට සූදානම් වන බවත් යැයි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

පළාත් සභා විසුරුවා හැරීමක් පිළිබඳ ජනාධිපතිවරයා කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් ඔහුගේ ස්ථාවරය වන්නේ ගනු ලබන විධායක තීරණ ක්‍රියාත්මක කිරීමේ දී රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර නිවැරැදි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට වේදිකාවක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටු ක්‍රියාත්මක වනු ඇති අතර, ඒ හරහා සංවර්ධන ක්‍රියාවලිය විධිමත්ව සිදුකිරීමට අවස්ථාව හිමිවන බැවින් මූල්‍ය හානි හා ප්‍රමාදයන්ද වළක්වා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති බවත් යැයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරකයින් කියා සිටින්නේ සභාවෙන් ගිය පසු ජනපතිවරයාගේ අදහස වෙනස්වූයේදැයි යන සැකය මෙයින් මතුව ඇති බවයි.

සබැඳි පුවත්
දිස්ත්‍රික් සංවර්ධන සභා ගේන්න මෛත්‍රී ගේ යෝජනාවට රනිල් ගේ එකඟත්වය

Trending

Exit mobile version