Connect with us

පුවත්

සමගි ජන සන්ධානයේ ‘සැමට ජයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි ( වීඩියෝ) 

Published

on

සමගි ජන සන්ධානයේ ‘සැමට ජයක්’ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වීය.

එය සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් සමන්විතය.

සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීම සඳහා ගොස් තිබේ.

එම කටයුතු මේ වනවිට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.

ඒ අතරතුර සන්ධාන නායකයින්ගේ සහභාගිත්වයෙන් මේ වනවිට මහනුවර රැජිණ හෝටලයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ද පැවැත්වෙයි.

එහිදී අදහස් දක්වමින් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ සමගි ජන සන්ධානයේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය නිර්මාණය කළේ මැතිවරණය ඉලක්ක කරගනිමින් නොවන බවය.

එය සෑම විෂයක්ම අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වෘත්තීයවේදීන්ගේ සහ විද්වතුන්ගේ එකමුතුවෙන් සකස් කළ ආණ්ඩුකරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් බවද ඒ මහතා කියා සිටියේය.

ඉන් අනතුරුව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙලෙස අදහස් පළකලේඅය.

“සජිත් ප්‍රේමදාස මහතා යනු දුක හඳුනන නායකයෙක්.. ඒ නිසා තමයි එතුමා කිව්වේ ජනසවියට 20000ක් දෙන්න ඕන කියලා.. මොකක්ද මේකෙන් කියන්නේ.. ඔහු සූදානම් නැහැ අපිත් සූදානම් නැහැ එහෙම බෙද බෙදා යන්න.. එහෙම බෙද බෙද ගිහින් ඒ ජනතාව කවදාවත් දරිද්‍රතාවයෙන් එළියට එන්නේ නැහැ.. 20000ක් දෙනවනම් පවුලකට එක්කෝ ඒ පවුල යම්කිසි විදියකට දායක වෙන්න ඕන තමන්ගේ ගමේ හෝ නගරයේ කුමන හෝ වැඩකට..”

මෙම මාධ්‍ය හමුව සඳහා එරාන් වික්‍රමරත්න, පාඨලි චම්පික රණවක, හර්ෂ ද සිල්වා, ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

අදාළ වීඩියෝව පහතින්

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

Published

on

By

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතාව පත්කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානී වන අතර නව පත්කිරීම අද (26) සිට ක්‍රියාත්මක වේ.

Continue Reading

පුවත්

හිටපු සෞඛ්‍ය ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Published

on

By

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved