සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
අංක 2304/14 දරන අදාළ ගැසට් පත්‍රය ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔක්තෝබර් මස 22 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත් කිරීම් සිදු කරනු ලැබ ඇත.
එම කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා මහතා පත් කර ඇති අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර, ජනාධිපති නීතීඥ විවේකානන්දන් පුවිතරන් සහ ජේ.ඩබ්ලිව්.එස්. සිරිවර්ධන එහි සෙසු සාමාජිකයින් වන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.