Connect with us

පුවත්

සමස්ත ශ්‍රම බලකායට පොදු සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළක් 

Published

on

මෙරට සමස්ත ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුළදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියයි.

එසේම, එහිදී මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ සියල්ල එක් කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන බවත් ඔහු කියා සිටී.

මෙම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ස්ථාපිත කිරීමට අදාලව පිහිටවූ කමිටුමේ පළමු රැස්වීම පසුගියදා පැවති බවත් ඒ අනුව එහි වාර්තාව ඉදිරි මාස තුනක  කාලයකදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනාගේ ශ්‍රමයට ගෞරවයක් සහ ආරක්ෂාවක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ ගරු සරු වැඩසටහන යටතේ ඊයේ (10) දින ජල නල කාර්මිකයින් සහ පින්තාරු ශිල්පීන් සමඟ පැවති හමුවේදී අමාත්‍යවරයා එසේ පැවසීය. 

මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මට මෑතකදී විදේශ රටකින් ආරාධනාවක් ආවා පින්තාරුකරුවන් ලබාදෙන්න කියලා. ඒ අයට මෙරට මුදලින් රුපියල් ලක්ෂ 12ක විතර වැටපුක් ලබා ගන්න හැකියාවක් තියෙනවා කියලත් කිව්වා. මම ඒ අනුව සම්මුඛ පරීක්ෂණයක් කැදෙව්වා. ඒකට අපේ රටේ ඉන්න පින්තාරු ශිල්පීන් ආවා. හැබැයි මේ කිසිම කෙනෙක්ව තොරගත්තේ නැහැ. මොකද අපි ඒ අය අපේක්ෂා කරන මට්ටමේ පුහුණු හෝ ප්‍රමිතීන් වලට අනුගත වෙලා නැහැ. ඇත්තටම මෙහිදී අපි අනුගමනය කරන ක්‍රමවේද සම්බන්ධයෙන් තරමක් පිටුපසිනුයි ඉන්නේ. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් ප්‍රමිතීන් ඇති කරන්න පුළුවන් නම් එවිට ඔබේ වෘත්තියට නිසි ගෞරවයක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. අපි ඒ තත්ත්වයට ඔබේ වෘත්තිය ගොඩ නැගිය යුතුයි. ඒත් ඒක අපේ අමාත්‍යාංශයේ වපසිරියේ තියෙන දෙයක් නෙමෙයි. ඒවා අනෙකුත් ආයතන ඔස්සේ සකස්විය යුතු දෙයක්. මෙහිදී හැමෝටම සාමූහික වගකීමක් තියෙනවා. ඒ වගේම කම්කරු ඇමති විදිහට මට මේ රටේ සියලුම කම්කරුවන්ට එකලෙස සැලකීමට වගකිමක් තියෙනවා. අපි ගරු සරු වැඩසටහනේ යටතේ ක්‍රියාත්මක නියමු වැඩසටහන විදිහට ක්ෂේත්‍ර විස්සක ගැන මුලින්ම කතා කරනවා. කොහොම වුනත් අපි ඔබලාගේ සහභාගිත්වයෙන් නිතීඥ සංගමය, වෛද්‍ය සංගමය, ගෘහ නිර්මාණ ශල්පීන්ගේ සංගමය වගේ සංවිධානයක් පිහිටුවීමයි අපෙක්ෂා කරන්නේ. මේක රජය පිළිගත්ත වෘත්තීය සංගමයක්.”

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved