Videos

සම්පත් අත්තටගේ දේපල උපයාගත් හැටි සොයන්න යයි (වීඩියෝ)

Published

on

ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන සම්පත් අත්තටගේ නැමැත්තා ඔහුගේ දේපල උපයාගෙන ඇති ආකාරය සම්බන්ධයෙන් පොලිසියට මේවන විට සැක මතුව ඇතැයි වාර්තා වේ.

ඒ ඔහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති මේ වනවිට ඩුබායි හි සැඟව සිටින ශිරාන් බාසික්ට අයත් බව පැවසෙන දෙහිවල ප්‍රදේශයේ පිහිටි Soul Beach සංචාරක හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටීම නිසාය.

අදාළ හෝටල් ගොඩනැගිල්ල ඉවත් කිරීමේ සිද්ධියේදී මොහු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන ලදැයි සැකපිට අත්අඩංගුවට පත්වූ අතර පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළේය.

Omini Super නමින් ඔහුට අයත් සුපිරි වෙළඳ සැල් ජාලයක්ද ඇතැයි පැවසේ.

මේ අතර Soul Beach සංචාරක හෝටලය ඉදිකිරීම සඳහා තායිලන්තයෙන් ආයෝජනයක් පැමිණ ඇති බවත්, එම ආයෝජනය සම්බන්ධයෙන්ද සැක මතුවී ඇතැයි ද වාර්තා  වේ.

මේ අතර, ඊයේ (03) එම හෝටල් පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදාළ හෝටලයට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇති බවත්, එම අනුමැතිය ලබාදුන්නේ නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා දැනුවත්ව බව ද සම්පත් අත්තටගේ කියා සිටියේය.

Trending

Exit mobile version