සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ නිලධාරීන්ට විරුද්ධව සිදුකරන ලද විනය පරීක්ෂණයට අදාළ හා එම පරීක්ෂණය මගින් කරන ලද නියෝගවලට අදාළ සියළු ලේඛන වල සහතික පිටපත් ලබාදෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් සම්පත් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියාට නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අදාළ බැංකු ශාඛාවේ ගිනුම් හිමිකරුගේ අනුදැනුමකින් තොරව මුදල් හුවමාරු කර රුපියල් කෝටි අටකට ( 80,758,886.88) ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් සිදු කරන බැවින් එම ලේඛන අදාළ පරීක්ෂණයට අවශ්‍ය බව අධිකරණයට දන්වා ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීමකට අනුවය.
ලෝක ප්‍රසිද්ධ රන් සම්මාන ලාභී හෙළ වෛද්‍යවරයෙකු වන කැළුම් හර්ෂ වීරසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ පැමිණිල්ල සිදුකර තිබේ.
සබැඳි පුවත්:
සම්පත් බැංකුවේ මහ වංචාවකට ලොක්කෝ 5කට රටයාම අධිකරණය තහනම් කරයි
සම්පත් බැංකු වංචාව යට ගැසීමට බැංකු ලොක්කන්ගෙන් CID යට බලපෑම්
සම්පත් බැංකුවේ මහා වංචාවට ඉහළ නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු